Sunday, September 13, 2009

ඉතිහාසය

බෞද්ධ රටක් වු ශ්‍රි ලංකාව යටත් විජිතවාදීන්ගේ මැදිහත්වීම තුලින් මිෂනාරි අධ්‍යාපනය ව්‍යාප්ත වු විසිවන සියවස ආරමිභයේදී රත්නපුරයේ විසු සිංහල බෞද්ධ ප්‍රභුවරුන්ට දැනුන වේදනාව තූනී කර ගත්තේ දරු පරපුරට බෞද්ධ පාසලක් ලෙස සීවලී පාසල ආරමිභ කිරීමෙනි. 1909 වර්ශයේ සිසුන් 15 දෙනෙකුගෙන් යුත් බෞද්ධ පාසලක් ලෙස සීවලිය ආරමිභ කිරිමට මහනුවර සෙනෙවිරත්න මුල් ගුරුතුමා ඇතුළු ප්‍රදේශයේ සිටි බෞද්ධ ප්‍රභූවරු මූලිකත්වය ගත්හ . ඔවුන් අතර ඒ. සි ආටිගල මැතිතුමා විශේෂයෙන් සදහන් කලයුතුය . එතුමා සිය ධනය හා ශ්‍රමය කැප කරමින් සීවලී පාසල නගා සිටුවන්නට මහත් පරිශ්‍රමයක් දරා ඇත . රාජ්‍ය අනුග්‍රහය නොලැබුනත් දිවයිනේ බෞද්ධ ප්‍රභූ පැලැන්තිය ආරමිභ කල බෞද්ධ පාසල් නගා සිටුවීමේ වැඩ පිළිවෙල රත්නපුර සීවලී විද්‍යාලය ඉදිරියට යාමට මහත් රුකුලක් විය. එදා පටන් සීවලීය පියවරෙන් පියවර ඉදිරියට ගෙනයාමේදී හිටපු විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් කළ කැපකිරීම භක්තියෙන් යුතුව සිහිපත් කල යුතුව ඇත . රාජ්‍ය අනුග්‍රහය නොලැබු නිසාම1920 ගණන් වලදී සීවලී පාසලට බොහෝ දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදුවිය . ප්‍රධානාචාර්ය එමි. ඒ. පීටර් මහතා සමග එක්වු ඒ. සි. ආටිගල මැතිදුන් ඒ අභියෝගය ජයගෙන පිරිමි නේවාසිකාගාරයක් ආරමිභ කරන්නට සමත් විය . තම ‍‍පෞද්ගලික වියදමින් දරුවන්ට දිවා ආහාරය පවා ලබා දී සීවලී පාසල රැකගැනීමට ප්‍රධානාචාර්ය පීටර් මහතා දැඩි වෙහෙසක් ගත්තේය . මෙම ‍දෙපළට ආශිර්වාදයක් වූයේ පූජ්‍ය වෙරළුපේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේය . එතුමන් ගුරු වැටුප් නොලබා සීවලීය වෙනු වෙන් විශ්‍රාම යන තුරුම තම කාලය හා ශ්‍රමය කැප කළහ . තවත් වසර කීපයකින් 1930 දී පමණ සිංහල ඉංග්‍රිසි හා ද්‍රවිඩ මාධය ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබා දුන් දිවයිනේ එකම පාසල බවට පත් කරන්නට අතර් දල්පතාදු විදුහල්පතිතුමාණන් සමත් විය . මේ වකවානුව වන විට ලක්දිව කීර්තිමත් පාසල් අතරට ඒමට සීවලී විද්‍යාලයට හැකි විය . සී ශ්‍රෙණියේ විදුහලක්ටූ සීවලිය 1938 දී එක් වරම ඒ ශ්‍රේණිය විදුහලක් බවට පත්විය .
1941 දී උසස් මටිටමේ ඉංග්‍රිසි අධයාපනයක් ලබා දිමේ ගෞරවය සීවලියට හිමිවේ . 1946 වර්ෂයේදී මෙම පාසල රජයට පවරා ගැනීමත් 1949 දී මධ්‍ය මහා විද්‍යාලයක් ලෙස උසස් වීමත් සීවලියේ ගමන් මග මොනවට කියා පාන්නේය.
1955 දී එතෙක් සීවලි දූ දරුවනට වෙන්ව තිබු තුඩා ඉඩකඩ ප්‍රමිණවත් නොවු බැවින් හිදැල්ලන ස්ථාපනය කරන ලද නව ගොඩනැගිලි තුලට කණිෂ්ඨ හා ද්විතීයික පංතිවල සිසු දරුවන් යොමු කර ඇත. දිවයිනේ කීර්තිමත් විදුහල්පතිවරුන් හා ගුරු භවතුන්ගේ කැපවීම තුලින් ඉතා අගනා දු පුතුන් රශියක් බිහිකළ සීවලී මහ‍ගෙදර ප්‍රාථමික සිසු දරුවන් සමග තනිවිය .
එදා පටන් මුලස්ථාන සීවලී විද්‍යාලය " පොඩි සීවලිය " " ගඟ බඩ සීවලීය " " ගඟ අද්දර සීවලීය "වැනි නමි වලින් හදුන්වා ප්‍රාථමික සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන ප්‍රාථමික විද්‍යාලයක් විය . මෙහි ඉගෙනුම ලැබු දරු දැරියන් අතරමං නොවන්නට හිටපු විදුහල්පති වරුන්ගේ මග පෙන්වීම මත 1962 වර්ෂයේ මහා විද්‍යාලයක් ලෙස පත්වි පෙර තරමි නොවුවත් විශාල දරුවන් පිරිසකගේ අධ්‍යාපන නවාතැන විය . උසස් පෙළ පංති කළා අංශයෙන් පමණක් සිදුවුවත් එමගින් විශ්ව විද්‍යාල වරමි ලැබු සංඛ්‍යාව අති මහත්ය . ක්‍රිඩා අංශයෙන්ද සමස්ථ ලංකා හා ජාත්‍යන්තර සටිටමෙි ජයග්‍රහණයන් ලබා ගැනීමට මෙම සීවලී දරු දැරියන් සමත් වූ බවට එමට සාක්ෂි ඇත . වරප්‍රසාද හා රාජ්‍ය අනුග්‍රහය අඩු වුවත් " පොඩි සීවලිය " නගා සිටුවීමේ පුරෝගාමි වුවන් අතර එස් ඉද්දමල්ගොඩ , රාජපක්ෂ , සෝමනාත් මහලියන , අතර් දීගල්ල , පී .ඩි .ඒ. එස් .ගුණසේකර , සි .එස් .ජයමාන්න , ඩි. ජි. ජයසේන , පී. එමි. ගුණවර්ධන , බී. ඊ .ප්‍රනාන්දු , පි .ජි .ගාමිණි සුමනරත්න , ඒ .ජිනදාස , කේ. එමි. ජි. රත්නායක , යන විදුහල්පති තුමන්ලා තම ශක්ති ප්‍රමාණයෙන් කැපවූ බව පිළිගත යුතුව ඇත .
මෙ අතර 1998 වර්ෂයේ නිසි අළුත් වැඩියාවක් නොකිරීම හේතුවෙන් සිදුවූ ගොඩනැගිලි අබලන් වීම නිසා කණගාටු දායක ඉරණමකට සීවලී මහා විද්‍යාලය ගොදුරු විය . වගකිවයුතු යමි යමි අයගේ වැරදි තීන්දු තීරණ නිසා පාසල වසා දැමීමට තරමි බලධරයන් තීරණය කර තිබූ අවස්ථාවේ සීවලීය රැක ගැනිමේ සංවිධානයක් පිහිටුවා එවකට සිටි විදුහල්පති ඒ .ජිනදාස මහතාත් විශ්‍රමලත් ආචාරිනී චන්ද්‍රා බටුගෙදර මහත්මියත් , සීවලී ආදිශිෂ්‍ය වත්මන් විදුහල්පති ඒ පි එස් යු ද සිල්වා මහතාත් ප්‍රමුඛ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රථිපලයක් ලෙස තවදුරටත් පාසල පවත්වාගෙන යාමේ අවස්ථාව උදා විය . පාසල දෙවරු ක්‍රමයට පැවැත්වීමෙන් සිසු දරුවන් මහත් අපහසුතාවයන්ට පත්වූ අතර එම නිසා ශිෂ්‍ය සංඛ්‍යාවද බෙහෙවින් අඩු වීමට පටන් ගත්හ . ‍මේ සදහා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමෙන් සිසු දරුවන් මහත් අපහසුතාවයන්ට පත්වූ අතර එම නිසා ශෂ්‍ය සංඛ්‍යාවද බෙහෙවින් අඩු වීමට පටන් ගත්හ . මේ සදහා විරෝධතා ව්‍යාපාර පැවඅත්වීම 1999 /07/ 30 දින හෙලිදරවිව වැඩ සටහන තුලින් ජනතාව දැනුවත් කිරිම සහ වගකිවයුතු අය අතර නිබද සාකචිජා පැවැත්වීම ආදී ක්‍රියා මාර්ග ගැනීමට තරමි සිදුවිය .
2003 වසරේ ඇති වූ මහා ජල ගැල්ම හේතුවෙන් සිද්‍යාලය තවදුරටත් අසරණ විය . නව ස්ථානයක පාසල ගොඩ නගන්නට මෙය හේතු වූ අතර 2003/06/21 දින ඒ සදහා මුල්ගල් තැබු අතර 2005/10/26 දින සුභ මොහොතින් නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා එවකට සිටි විදුහල්පති ඒ ජිනදාස මහතා පසල මෙහෙය වීය .
2006/06/06 දින නව විදුහල් භූමියේ ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති මාවෙල සිරි සුමන නාහිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් අගනා බුදු මැදුරක් ස්ථාපනය කර ඇත .
වර්තමානය වන විට අ .පො. ස.( උසස් පෙළ ) දක්වා පන්ති පවත්වාගෙන යන අතර අ .පො .ස. සා .පෙළ හා උසස් පෙළ ප්‍රථිපල වල සැලකිය යුතු වර්ධනයක් ලබා ඇත .අතිතයේ සීවලිය හා පාපන්දු ක්‍රීඩාව එකට බැදී පැවතුණු බව නොරහසකි . දශක දෙකකට පමණ පසු 2009 වර්ෂයේ දී සීවලී මහා විද්‍යාලය පළාත් පාසල් පාපන්දු ජය ලබා ජාතික පාසල් පාපන්දු තරඟාවලිය සදහා සබරගමු පළාත නියෝජනය කිරීමට වරමි ලැබීම සීවලිය නැවත පිබිදීම සනිටුහන් කරන්නක් ලෙස හැදින් විය හැකිය .

No comments:

Post a Comment