Sunday, September 13, 2009

අපේ ගම


අපේ ගම
සිරිපා පහස ලද පුද බිම නීල කදු පෙළ අතරින් රුවන්පුරයට දිස්වන්නේ අප සැම සිත් බැති සිතින් පුරවා ලමිනි. නගරය මැදින් නිසලව ගලායන කළු ගඟ දහසක් මිණිකැට සඟවා ලමින් සයුර බලා ඇ‍දෙන අයුරු අපි බලා සිටින්නෙමු.
ශ්‍රි සුමන සමන් දෙවියන්ගේ දෙවොලෙන් පහන් වූ රත්නපුරය සිරිලක මැණික් අසිරියෙන් පහන් කල රුවන්මය නගරයකි. කජුගස්වත්ත කන්දේ බුදු රුවෙන් රුවන් පුරයට ලැබෙන්නේ මහත් ආශිර්වාදයකි.
නිල්වන් කෙත්වතු , සරුසාර තේවතු , පලා පැහැගත් තුරුලතා සහ අලංකාර දිය ඇලි ස්වභාවධර්මයේ දායාද ලෙස අප පෙදෙසට ලැබී ඇත. සිංහල , දෙමළ , මුස්ලිමි සහ බර්ගර් ජනතාව රුවන්පුර නගරයේ දිවිගෙවන්නේ සහෝදර බැදීමෙන්ය.සිරිපා කරුණාකරන බෑතිමතුන් රත්නපුර පාරට දක්වන්ෙන් ඉමහත් කැමැත්තකි . ලෝපතල නිවර්තන වැසි වනාන්තරයක්වු සිංහරාජයට , පොත්ගුල් වෙහෙරට , පුංචි දඔදිවට සහ බෝ පත් ඈල්ලට මං සළකුනු පෙන්වන්නේ රත්නපුර නගරයෙනි .
සිරිලක සරසවන මිණිකැටවන් දරු පිරිසක් රුවන්පුරයෙන් බිහිවෙවා ! යි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු .





No comments:

Post a Comment