Sunday, September 13, 2009


විදුහල්පතිතුමාගේ පණිවුඩය
-----------------------------
1909 වර්ෂයේ දී කළුගං නිමිතෙර ආශ්‍රිතව උපත ලැබූ දිනෙන් දින ගුණ නැණින් පෝෂණය ලැබු රත්නපුර සීවලි මහා විද්‍යාලය රුවන්පුරයේ මේ වර්ෂයේදී තම සියවන ජන්ම දිනය සමරන්නීය . පුරා වසර 100 ක් අභිමානවත් ලෙස තම වගකීම හා යුතුකමි ඉටුකල ඇය රටට දැයට කළ මෙහෙය අමිලය . ශ්‍රී ලාංකිය අනන්‍යතාව මුදුන් මල්කඩක් ලෙස ඔසවාගෙන ඇය ජනිත වන්නේ රුවන්පුරයේ ප්‍රථම ‍බෞද්ධ මශ්‍ර පාසල ලෙසිනි . අප රටට දැයට සමයට එයින් ඉටුවූ සහ ඉටුවන මෙහෙය මෙතෙකැයි කියා පැවසීම දුෂ්කරය.
සිවලී මාතාව තම සියවන දිගු ගමන විල්ලුද ඇතිරූ සුමට මාවතක සැප පහසුව ගමන් නොකළාය ඇය දියබඩින් ගලා යන කළුගං කොමළිය මෙන්ම ගල් කුළු වැලි පර අතරින් විවිධ දුක්ගැහැට මධ්‍යයේ ගමන කළාය.විටෙක අධිරාජ්‍යවාදි පාලකයන්ගේ බලපෑමි නිසා කිසිදු රැකවරණයක් නොමැති වූවාය.තවත් විටෙක නිසි ලෙසින් නඩත්තු සිදු නොකිරීම නිසා සෝ සුසුමි හෙළුවාය. තම දරුවන් අන්‍යයන්ගේ සෙවනෙහි රැනඳවූවාය. තමන්ට ආශිර්වාදයක් වූ කලු ගං කොමළිය විටෙක ඇය පීඩාටට පත් කලාය . ඇය අවස්ථා කීපයකදීම තම පදිංචිය වෙනස් කළාය . ( වර්තමානයේ ඇය වාසය කරන්නේ මීට දශක පහකට පෙර සිටි භූමියෙහිමය .)කොතරමි බාධා දුක් කමිකටොළු පැමිණියද ඇය නොසෑලී සියළු අභියෝග ජය ගත්තාය . තම දරුවන්ට ද අභියෝග හමුවේ නොසැලී සිටීමට අවැසි ශක්තිය ලබා දුන්නාය.
අප රටට පුරා සියවසක කාලයක් තුළ ඉතා වටිනා ‍පෞෂවයන් බිහිකිරීමට ඇය සමත් වූවාය . අප සමාජයට උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් සාහිත්‍යධරයන් නායකයන් මෙන්ම යහගුණයෙන් පිරි පුරවැසියන් දායාද කිරීමට ඇය සැම වි‍ටකම උපරිම දායකත්වය ලබා දුන්නාය . අද සමාජය යමිතාක් දුරකට හෝ යහපත් නමි ඒ පිළිබද නිරහංකාර සතුටක් ලැබීමට අන් සියළු පාසල් වලට වඩා වඩා ඇයට සාධාරණ අයිතියක් ඇත. අප රටේ ළමා පරපුර නැණවතුන් මෙන්ම ගුණවතුන් කරිමටද අතදෙන ඇය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා වටිනා පාසලකි. විෂය සමගාමී කටයුතු වලින්ද විෂය භාහිර කටයුතුවලින්ද කැපීපෙනෙන දක්ෂතා දක්වන සිසුන්ගේ පරිපූර්ණ සීවලී මහා විද්‍යාලය දිනෙන් දින දියුණුවිය යුතු පාසලකි .
මෙසේ ඉදිරියටත් සැම අතින්ම දියුණුවෙන් දියුණුවට පත්වීමට ඔබට ශක්තිය ධෛර්්‍ය , වාසනාව ලැබේවා . තවත් සිසු පරමිපරා ගණනාවකගේ නැණ පහන් දල්වා යහ ගුණයෙන් පෝෂණය කිරීමට ඔබට හැකියාව ලැ‍බේවායි ආදි ශිෂ්‍යයෙකු / විදුහල්පතිවරයෙකු ලෙසින් " සියවසක අභිමන " වෙනුවෙන් මම ප්‍රාර්ථනය කරමි .

චීරං ජයතු සීවලී මාතා !
ඒ. පි. එස්. යු. ද සිල්වා
විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය